අනවසර සංක්‍රමණිකයින් පිරිසක් රැගත් යාත්‍රාවක් මලයාසියාව ආසන්න මුහුදු ප්‍රදේශයකදී අනතුරට ලක්ව තිබේ.
මලයාසියාවේ දකුණු දිග මුහුදු ප්‍රදේශයේ දී ඉන්දුනීසියානු අනවසර සංක්‍රමණිකයින් පිරිසක් රැගත් යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ප්‍රමාණය ඉක්ම වු මගීන් පිරිසක් ගමන් කිරීම හේතුවෙන් අදාළ යාත්‍රාව අනතුරට ලක්ව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ දී යාත්‍රාවේ පුද්ගලයින් 80 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර ඉන් 59 දෙනෙකු බේරාගැනීමට හැකිව ඇති බව සඳහන්ය.
අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර තවත් 18 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
