Wednesday, June 25, 2014

නුවරඑළියේ ඩීසල් ඡාවාරම්කරුවන් අතේ මාට්ටු

නුවරඑළිය, හැටන් ප‍්‍රධාන මාර්ගයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු වල යොදවා ඇති බැකෝ යන්ත‍්‍ර ඇතුළු බර වාහන වලින් ඩිසල් රහසිගතව ලබාගෙන අලෙවිකරන ජාවාරම්කරුවන් සිව් දෙනෙකු නුවරඑළිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම වාහන වල රියදුරුන්ගේද සහයෝගය මත රාතී‍්‍ර කාලයේදී මෙම ඉන්ධන ලබාගන්නා බවත්, පසුව එම ඉන්ධන අඩු මිලට නුවරඑළිය ප‍්‍රදේශයේ අලෙවි කරන බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

එසේ ලබාගන්නා ලද බූලි 14 ක පුරවා තිබූ ඩිසල් ලීටර් 308 ක් සමඟ ඞීසල් ප‍්‍රවාහනය කිරීම සඳහා යොදාගන්නා ලද වෑන් රථයක්ද පොලිස් බාරයටගෙන තිබේ.

කාලයක් තිස්සේ සිදුකරඇති මෙම ජාවාරාමට සම්බන්ධ සැකකරුවන් වැලිමඩ, උඩුපුස්සැල්ලාව හා උඩුදුම්බර පදිංචිකරුවන් බව වාර්තාවෙයි.

You might also like - මදි නොකියන්න තොරතුරු: