Tuesday, June 24, 2014

එංගලන්තයට 350ක ඉලක්කයක් - මැතිව්ස් 160යි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දී දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 457ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 277ට කඩුලු 7ක් දැවී තිබියදී මැතිව්ස් හා රංගන හේරත් 8 වැනි කඩුල්ල සඳහා ලකුණු 149ක වටිනා සබඳතාවයක් පිහිටවූ අතර හේරත් ලකුණු 48ට දුවද්දී දැවී ගියේය.

මැතිව්ස් සිය සිව්වැනි ටෙස්ට් ශතකය ලබාගත් අතර ඔහු දැවී ගියේ ලකුණු 160ටය.

මැතිව්ස් ලබාගත් ශතකයත් සමග ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟයකදී පළමු ඉනිමේ කඩුලු 4ක් හා දෙවන ඉනිමේදී ශතකයක් ලබාගත් පළමු ක්‍රීඩකයා බවට ද ඔහු පත්විය.

මේ නිසා එංගලන්ත කණ්ඩායමට ලකුණු 350ක ඉලක්කයක් මෙම තරඟය ජය ගැනීම සඳහා ලබාදීමට හැකිවිය.

මෙම තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 265ක් ලබාගත් අතර පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 365ක් ලබාගත්තේය.

තරඟ 2න් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය ජය පැරදුමෙන් තොරව නිමවිය.

You might also like - මදි නොකියන්න තොරතුරු: