කටාර් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත කම්කරුවන් දැඩි පීඩාවට සහ හිංසනයට ලක්වන බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසයි.
2022 වසරේ පැවැත්වීමට නියමිත ෆිෆා ලෝක කුසලාන තරඟාවලිය සඳහා ක්‍රීඩාංගණ ඉදිකිරීමට සංක්‍රමණික කම්කරුවන් යොදා ගැනීම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ වැටුප් නොගෙවීම, අනතුරුදායක තත්ත්වයන් යටතේ සේවාවල යෙදවීම සහ නවාතැන් පහසුකම් නොමැතිවීම ප්‍රධාන ගැටලු වන බවයි.
ඇතැම් කළමනාකරුවන් සේවකයින්ට සතුන්ට මෙන් සළකන බවද ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසයි.
ශ්‍රී ලංකාව සහ නේපාලය ඇතුළු ආසියානු රටවල් රැසක කම්කරුවන් කටාර් රාජ්‍යයේ රැකියාවල නිරත වෙයි.
ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයින් දහසක් පමණ කටාර් අගනුවර වන දෝහා හි රැකියාවල නිරතව සිටින බව වාර්තා වෙයි.
