Monday, November 18, 2013

කෙලවල්ලා, බලයා ඇතුළු ලොකු මාළු ඇල්ලීම විදේශ සමාම්වලට

කෙලවල්ලා බලයා වැනි විශාල මත්ස්‍යයන් නෙළාගන්නා කරමල් දැල් ආම්පන්න ධීවර කර්මාන්තයෙන් ඉවත් කර කුඩා මත්ස්‍යයන් නෙළාගන්නා මරුවැල් දැල් ආම්පන්න ප‍්‍රචලිත කරන ලෙස දිස්ත‍්‍රික් ධීවර අධ්‍යක්ෂකවරුන්ට මේ වන විට උපදෙස් ලබාදී තිබෙන බවත් මේ නිසා මෙරට ධීවර කර්මාන්තය ඉදිරියේදී දැඩි අර්බුදයකට ලක්වන් බවත් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය සදහන් කරයි.

කර්මාන්තයට ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ පවා ධීවරයා යම් පමණකින් හො ධීවර කර්මාන්තයේ නියැළී සිටින්නේ කෙලවල්ලා, බලයා, අලගුඩුවා වැනි විශාල මත්ස්‍යයන් නෙළාගැනීම  තුළින් ලබාගන්නා ආදායමෙන් බවද එම සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා සදහන් කළේය.

එහෙත් ධීවර අමාත්‍යංශය විසින් මේ වන විටත් දිස්ත‍්‍රික් ධීවර අධ්‍යක්ෂකවරුන්ට ලිපියක් යවමින් සදහන් කර තිබෙන්නේ කරමල් දැල් ආම්පන්න භාවිතයෙන් ඉවත්වන ආකාරයේ වැඩපිළිවෙලක් සකස් කර මරුවැල් දැල් ආම්පන්න භාවිතය ප‍්‍රචලිත කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස යැයිද හෙතෙම පවසා සිටියේය.

මෙලෙස කරමල් දැල් ආම්පන්න භාවිතයෙන් ඉවත්ව මරුවැල් දැල් ආම්පන්න භාවිතා කරන ධීවරයන්ට පමණක් ඉදිරියේදී ලබාදීමට නියමිත දැල් ආම්පන්න සහනාධාරය ලබාදෙන ලෙසට උපදෙස් දී තිබෙන බවද රත්න ගමගේ මහතා සදහන් කළේය.

මේ නිසා ඉදිරියේදී මේ රටේ ධීවරයන්ට කෙලවල්ල බලයා වැනි විශාල මත්ස්‍යයන් නෙළාගැනීමට අවස්ථාව අහිමිවී යන බවත් මෙරට ධීවරයන්ගෙන් ගිලිහී යන එම අවස්ථාව විදේශීය සමගම්වලට පැවරීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

You might also like - මදි නොකියන්න තොරතුරු: