චැනල් ෆෝ නාලිකාවේ අධ්‍යක්ෂකවරයෙකු වන කැලම් මැක්රේ මහතාට විරුද්ධව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ ඔහු අනුරාධපුයේ සිට කොළඹ බලා පැමිණි පෞද්ගලික වෑන් රථයට මුදල් නොගෙවීම හේතුවෙන් බව පොලීසිය පවසයි.
ඊයේ(13) දිනයේ දුම්රියෙන් වවුනියාව බලා පිටත් වූ කැලම් මැක්රේ මහතා ඇතුළු පිරිසට අනුරාධපුර දුම්රිය ස්ථානයේදී ඔහු ගමන්ගත් දුම්රිය හරස්කරමින් පිරිසක් විරෝධතාවයක නිරත විය.
ඉන් අනතුරුව අද දිනයේ මැක්රේ ඇතුළු පිරිස අනුරාධපුරයේ සිට කොළඹ බලා පෞද්ගලික වෑන් රථයකින් පැමිණි අතර එම වෑන් රථයේ හිමිකරුට මුදල් නොගෙවා ඇති බවට සඳහන් වෙයි.
ඉන් අනතුරුව පෞද්ගලික වෑන් රථයේ හිමිකරු විසින් මුදල් නොගෙවීම සම්බන්ධයෙන් කොම්පඥවීදිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
