පැයට කිලෝමීටර් 120ක වේගයෙන් ඊයේ ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයට කඩා
වැදුණු හෙලන් සුළි කුණාටුවෙන් පුද්ගලයින් 11,000ක් අවතැන් ව ඇතැයි, විදෙස්
මාධ්‍ය වාර්තා පවසයි.
එම වාර්තා වැඩි දුරට ත් සඳහන් කරන්නේ, සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට
ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට අධික වැසි ඇද හැලෙමින් පවතින අතර පුද්ගලයින්
දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත් ව ඇති බව ය.
මේ අතර ග්‍රාමීය ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වීමෙන් ජන ජීවිතය අඩාල වී අතැයි ඉන්දීය කාලගුණ බලධාරීහු පවසති.
ඔවුන් වැඩි දුරට ත් සඳහන් කරන්නේ, අද දින වන විට කුණාටුව පැයට කිලෝමීටර්
80ත් 90ත් අතර වේගයකින් ඉන්දියාවේ තව ත් ප්‍රදේශ කිහිපයකට හමා යනු ඇති බව
ය.
