ඕමානයේ ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ඇය සේවය කළ නිවසේ ගේට්ටුව හිසට වැටීමෙන් මියගොස් තිබේ.
එසේ මියගිය කාන්තාවගේ සිරුර ඕමානයේ සිට ඊයේ රාත්‍රී මෙරටට ගෙනවිත් ඇතැයි කන්තලේ පොලීසිය කියා සිටියි.
මෙසේ මිය ගොස් ඇත්තේ, කන්තලේ අග්බෝපුර පදිංචි 32 හැවිරිදි අවිවාහක කාන්තාවක් වු නිලූකා ලක්මිණි නැමැති අයෙකි.
මිය ගිය අය ඉකුත් වසරේ දෙසැම්බර් මස 03 වන දින ගෘහ සේවිකාවක් ලෙස ඕමාන් හි නිවසකට ගොස් ඇති බව අප වාර්තාකරු පවසයි.
ඉකුත් 13 වන දින සිය ස්වාමි දුවට ගේට්ටුව විවෘත කිරීමට ගොස් ඇය මෙම අනතුරට ලක්වී ඇතී බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියා සිටින බවද හෙතෙම කියයි.
මේ සම්බන්ධයෙන් කන්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
