මහියංගනය ප්‍රාදේශීය සභාවේ සභාපති එච්.එම්. සුනිල් නැමිති අයගේ බිරිඳ වූ විජේරත්න පොඩිමැණිකේ මහත්මිය බ්‍රහස්පතින්දා (21) උදේ මහනුවර, සුදුහුම්පොළදී දුම්රියට පැන සියදිවි නසා ගෙන තිබේ.
පවුල් ආරවුලක් හේතුවෙන් ඇය සියදිවි නසාගෙන ඇතැයි සැක කෙරේ. 41 හැවිරිදි ඇයට ගැහැණු දරුවන් දෙදෙනෙක් සිටී.
මහියංගනයේ සිට මහනුවර පැමිණි ඇය කොළඹ සිට මහනුවර බලා දිවෙන දුම්රියට පැන තිබෙන බව මහනුවර පොලිසිය පවසයි.
මේ වනවිට ඇගේ දේහය මහනුවර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. මියගිය පොඩිමැණිකේ මහත්මියගේ සැමියා වන සුනිල් නැමැති අය මහනුවර රෝහල වෙත පැමිණ සිටී. මහනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
