Friday, November 22, 2013

කඹුරුපිටියේ පොලිස් නිලධාරියා සහ බිරිඳ මැරූ සැකකරු මරුට

මාතර, කඹුරුපිටිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අද අලුයම පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ,
අදාළ සැකකරු සඟවා තිබූ ගිනි අවියක් සෙවීම සඳහා ගිය අවස්ථාවේ ඔහු රිවෝල්වරයකින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ බව ය.

එහිදී පොලීස් නිලධාරීන් ද ඔහුට වෙඩි තබා තිබේ.

සැකකරු මිය ගොස් ඇත්තේ, එහිදී එල්ල වූ වෙඩි පහරකිනි.

You might also like - මදි නොකියන්න තොරතුරු: