ලංකාවට විශාලතම කුඩු තොගය ගෙනා සැකකරු ජාත්‍යන්තර පොලිස් දැලේ
රේගුව විසින් සිය භාරයට ගත් විශාලතම හෙරොයින් තොගය මෙරටට රැගෙන ඒමේ සිද්ධියට සම්බන්ධ පකිස්ථාන ජාතික සැකකරු ජාත්‍යන්තර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය දැනුවත් කිරීමෙන් පසු අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
පකිස්ථානයේ කාෂ්මීර් ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
පසුගිය අගෝස්තු මස 30 වන දින ශ්‍රී ලංකා රේගුව විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 262ක් සොයා ගත් අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබයි.
Friday, November 8, 2013
The person who brought the biggest heroin bulk to Sri Lanka was arrested by the Interpol
The person who brought the biggest heroin bulk to Sri Lanka was arrested by the Interpol
2013-11-08T19:17:00+05:30
host50
arrested|drug|heroin|Interpol|Pakistani national|
Subscribe to:
Post Comments (Atom)
