උතුරේ යුද හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන වල ඡායාරූප ගත් ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.නාවක්කුඩා පොසිය විසින් අදාළ ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
තමිල්නාඩුවේ සිට සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණ සිට අදාළ ඉන්දීය ජාතිකයා පිළිබඳ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය දැනුවත් කිරීමටද පියවර ගන්නා බව අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
ආරක්ෂක හේතුන් මත යුද හමුදා කඳවුරුවල අවසරයකින් තොරව ඡායාරූප ගැනීම තහනම් බැවින් අදාළ ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.