Thursday, January 2, 2014

මංගලගේ නිවසට පැන්න හොරා අත්අඩංගුවේ

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාට අයත් පානදුර ගොරකාන ප්‍රදේශයේ පිහිටි නිවසේ සිදුවු සොරකම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාට අයත් පානදුර ගොරකාන ප්‍රදේශයේ නිවසට පසුගිය සදුදා දහවල් යම් කිසි පුද්ගලයෙක් ඇතුළු වී ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශන වලදී මොරටුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී සොරාගන්නා ලද ලැප්ටොප් පරිගණකයක් සහ රට බීම බෝතල් කිහිපයක් ද සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

You might also like - මදි නොකියන්න තොරතුරු: